30.5 C
Galle

කටුනායක ගුවන්තොටුපොළේ ඓතිහාසික මත්ද්‍රව්‍ය අත්අඩංගුව, භික්ෂූන්ට රැඳවුම් නියෝග

Published:

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති භික්ෂූන් 22 දෙනා මැයි 2 වැනිදා දක්වා රඳවා ගෙන සිටීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය ඊයේ (26) නියෝග කළාය. සැකකරුවන් ඊයේ පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම රඳවා ගැනීමේ නියෝගය ලබා දෙන ලදී.

පොලිස් මත්ද්‍රව්‍ය මර්දන කාර්යාංශය (PNB) ලැබුණු ඔත්තු තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් සිදු කළ විශේෂ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මෙය කටුනායක ගුවන්තොටුපොළේ ඉතිහාසයේ මෙතෙක් හෙළිදරව් වූ විශාලතම තොගය බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන අතර, මත්ද්‍රව්‍ය ලබාගත් ප්‍රභවය, ක්‍රියාව සඳහා අරමුදල් සැපයූ පාර්ශ්ව සහ ජාලයේ සෙසු සාමාජිකයින් හඳුනාගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යනු ලැබේ.

Related articles

spot_img
error: Content is protected !!