26.5 C
Galle

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වෙයි

Published:

2022 වර්ෂය සඳහා වූ අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේ දී එයට පක්ෂව ඡන්ද 153ක් හා විපක්ෂව ඡන්ද 60ක් ලැබීම හේතුවෙන් දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත විය.

සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු විසර්ජන පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ  කළහ.

පසුගිය 12 වැනි දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය දෙවැනි වර කියවීමේ විවාදය 13 වැනි දා සිට දින 07ක් පැවැත්විණි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (23) ආරම්භ වන අතර එය දෙසැම්බර් 10 වැනි දා දක්වා දින 16ක් පැවැත්වෙයි. ඉන් පසු අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනි දා සවස 5.00ට පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!