අද (07) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමාගම් කොටස් මිලියන 4.4ක් ගනුදෙනු වූ ලංකා අයි ඕ සී සමාගම රුපියල් මිලියන 568ක් වාර්තා කරමින් වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 14,771ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1969ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 132ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,517ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයි ඕ සී සමාගම මිලියන 568
- එලිෆන්ට් හවුස් මිලියන 344
- කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම මිලියන 126
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ආසිරි සර්ජිකල් සමාගම කොටස් මිලියන 7.5
- එස් එම් බී ලීසින් එක්ස් කොටස් මිලියන 7.1
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 6.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මහවැලි රීච් හෝටලය 06%
- ටෙස් පැක් සමාගම 03%
- පී එම් එස් ෆයිනෑන්ස් සමාගම 03%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 411
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 329
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 08 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 32ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 23ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එච් එන් බී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඒ සී එල් කේබල්ස් රුපියල් මිලියන 12
- සී අයි සී සමාගම එක්ස් රුපියල් මිලියන 05
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



