28.9 C
Galle

ත්‍රිකුණාමලයේ පාරුවක් පෙරැළී ළමුන් පිරිසක් මරුට

Published:

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා හි කරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ පාරුවක් අද (23) උදෑසන පෙරැළීමෙන් ළමයින් ඇතුළු කිහිප දෙනකු මියගොස් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

කලපුවක් හරහා ගමන් කිරීමට සාදා තිබූ මෙම පාලම් පාරුව අද උදෑසන පාසල් සිසුන් සහ පාසල් ගරුවරුන් කිහිප දෙනකු සමඟ පෙරැළී ඇත. පාරුව පෙරැළීමෙන් පසු ළමයින් 07 දෙනකු ගොඩට පිහිනා දිවි බේරාගෙන ඇත.

අනතුරින් තුවාල ලැබූ 11 දෙනකු මේ වනවිට කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අතුරුදන් වූ පිරිස සෙයා මෙහෙයුම් දියත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!