26.9 C
Galle

කුලියාපිටිය රැඳවුම් නිවාසයේ දැරියන් 36කට කොරෝනා

Published:

කුලියාපිටිය රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 46 දෙනකු අතරින් 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම රැඳවුම් නිවාසය කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන්නකි.

එහි දැරියන් කිහිප දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ දක්නට තිබීම හේතුවෙන් එහි ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් දැරියන් 46 දෙනකු සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇත. ඉන් 36 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ.

දැරියන් 07 දෙනකුට උණ රෝගය වැළඳී තිබී ඇති අතර ඔවුන්ට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරිමෙන් පසු තහවුරු වී ඇත්තේ එම හත් දෙනාම කොරෝනා ආසාදිත බවයි. ඉන් පසු අනෙකුත් දැරියන් සඳහා ද පරීක්ෂණ සිදුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!