30.5 C
Galle

ඩොලර් නොමැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර 1,000ක් වරායේ හිරවෙලා

Published:

ඩොලර් හිඟය හෙතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000ක් පමණ වරායේ හිර වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවසා තිබේ.

එ් අතර අල, පරිප්පු, ලූනු, සීනි සහ හාල්මැස්සන් අඩංගු කන්ටේනර තිබෙන බව ද ඔහු පවසයි. එම කන්ටේනර වහාම වරායෙන් නිදහස් කරගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඩොලර් හිඟය පිළිබඳ දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ වරායේ හිරවී තිබීම බරපතල ගැටලුවක් බව ද වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මුදල් අමාත්‍යවරයා එහි දී පවසා ඇත්තේ ඩොලර් හිගය නැතිකිරීම සඳහා විකල්ප වැඩපිළිවෙලකට යාමට සැළසුම් කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!