29.4 C
Galle

සිසුවකුගේ වෙඩි තැබීමකින්, සිසුන් තිදෙනකුට ජීවිතය අහිමිවෙයි

Published:

ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකකින් සිසුන් තිදෙනකු ‍මියගොස් තවත් සිසුන් සහ ගුරුවරු 08 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක දී ය.

වයස අවුරුදු 14 සහ 17 හි පසු වූ ගැහැනු ළමුන් දෙදෙනකු සහ 16 හැවිරිදි පිරිමි ළමයකු මෙලෙස මියගොස් ඇත.

ඇමෙරිකාවේ පොලිසිය පවසන්නේ 15 හැවිරිදි පිරිමි ළමයකු විසින් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියකින් මේ වෙඩි තැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබෙන බවයි.

සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ දෙදෙනකුගේ තත්වය බරපතල බැවින් ඔවුන් සැත්කම් සඳහා ද යොමුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!