26.8 C
Galle

ගෑස් බෙදාහැරීම යළි අරඹයි. පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්

Published:

කොන්දේසි තුනක් යටතේ යළි ගෑස් බෙදාහැරීමට පාරිභෝගික අධිකාරිය විසින් අද (05) සිට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම්වලට අවසර දී තිබේ.

මීට පෙර ආනයනය කරන ලද ගෑස් ‍නිකුත් නොකිරීම, නව තොග බෙදාහැරීමට පෙර ගෑස් කාන්දුවක් හඳුනාගත හැකි මර්කප්ටන් ඊට මිශ්‍ර කිරීම සහ ගෑස් සිලින්ඩර නිෂ්පාදනයේ දී සෑම සිලින්ඩර 100කින් ම එකක් පරීක්ෂාකර එය අංකනය කිරීමෙන් පසු පාරිභෝගික අධිකාරිය වෙත භාර දීම යන කොන්දේසි ඇතුළත් කර තිබේ.

මීට අමතරව ගෑස්වල ගුණාත්මකබව සොයා බැලීමට පත්කළ කමිටුවට ගෑස් නිෂ්පාදන කටයුතු ඕනෑම අවස්ථාවක දී පරීක්ෂා කිරීමට අදාල සමාගම් ඉඩ දියයුතු බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම සමාගම්වලට දැනුම් දී තිබේ.  

Related articles

spot_img
error: Content is protected !!