27.1 C
Galle

ඔමික්‍රෝන් ආසාදිතයකු මියයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනතුරු අඟවයි

Published:

ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු මියගිය බව බ්‍රිතාන්‍ය රජය පවසයි. මේ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ බවට තහවුරු වූ අයකු මරණයට පත්වූ ප්‍රථම අවස්ථාව එයයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ බව ප්‍රකාශ කළේ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

අගමැතිවරයා එහි දී මෙසේ කීවේය.

“ඉතාමත් කණගාටුවෙන් දැනුම් දෙනවා ඔමික්‍රෝන් ආසාදිතව සිටි අයකු මියගියා. ඔමික්‍රොන් විකෘතිය ලැව් ගින්නක් සේ මහා බ්‍රිතාන්‍යය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මා ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් තමන්ට නියමිත බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්න”

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔමික්‍රෝන් ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාපත් වන බවයි. දැනටමත් එය රටවල් 63ක ව්‍යාප්ත වී තිබේ.

මෙම විකෘති ප්‍රභේදය හේතුවෙන් දැනට කොරෝනාවලට නිපදවා ඇති එන්නත්වල කාර්යක්ෂමතාව අඩු වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව, වයිරසයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම වඩාත් සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දී ඇත.

https://news.sky.com/story/covid-19-at-least-one-patient-has-died-after-testing-positive-for-omicron-boris-johnson-says-12494875

https://www.reuters.com/world/uk/first-uk-patient-has-died-omicron-variant-sky-2021-12-13/

https://www.indiatoday.in/coronavirus-outbreak/story/covid-19-omicron-variant-uk-prime-minister-boris-johnson-1887298-2021-12-13

Related articles

spot_img
error: Content is protected !!