27.1 C
Galle

කිතුල් රා කෑන් “රාගා” නමින් වෙළෙඳ පොළට හඳුන්වා දෙයි

Published:

“රාගා” නමැති වෙළෙඳ නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන රැසක් වෙළෙඳ පොළට එක්කිරීඹ අද (14) කුරුවිට නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ දී සිදුකෙරිණි.

මෙම නිෂ්පාදන ඇග්‍රි දේශීය පුද්ගලික සමාගම විසින් අපනයනය ඉලක්ක කරගනිමින් මේ නිෂ්පාදන හඳුන්වාදීම සිදුකරයි. එම සමාගමේ නව කර්මාන්තශාලාව ද අද විවෘත කෙරිණි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධාන්තවයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර එම අවස්ථාවට පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන සහ ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගමේ සභාපති ප්‍රභාත් අල්විස් ඇතුළු එම ආයතනයේ නිලධාරී නිලධාරිනයන් සහ සේවක සේවිකාවන් රැසක් ද එක්ව සිටිය.

Related articles

spot_img
error: Content is protected !!