27.7 C
Galle

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී පොලිස් කූඩුවේ දී මියයයි

Published:

හුංගම පොලිිසයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියට දමූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සිර මැදිරියතුළ මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රේමතිලක අමරවීර නමැති 62 හැවිරිදි වියේ පසු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. ඔහු පෝය දිනයේ (එනම් අද 18 වැනි දා) මත්පැන් අළෙවි කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හුංගම පොලිසියට රැගෙන ආ ඔහු සිර මැදිරියට දැමූ පසු එහි ඇද වැටී ඇති අතර රන්න රෝහලට රැගෙන යනවිටත් ඔහු මියගොස් සිටියේය.

සැකකරු මියයාමත් සමඟ ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයේන හරස්කර විරෝධතාවක ද නිරතවූහ.

Related articles

spot_img
error: Content is protected !!