30 C
Galle

අතුරුදන් දැරියකගේ මළ සිරුර හමුවෙයි

Published:

දින කිහිපයකට පෙර අතුරුදන්වූ දැරියකගේ සිරුරක් අද (18) පුදුකුඩිඉරිප්පු, උඩයාර්කට්ටු ප්‍රදේශයේ වනගත ස්ථානයක තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

පදුකුඩිඉරිප්පු, උයාර්කට්ටු ප්‍රදේශ‍යේ පදිංචිව සිටි දැරිය පසුගිය 15වැනි දා සිට අතුරුදන්ව සිටියාය. නිවසේ සිටිය දී ඇය අතුරුදන් වූ බවට පෙපාලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර ඒ අනුව ප්‍රදේශය පුරා කළ සෝදිසි මෙහෙයුමක දී ඇගේ සිරුර හමු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයේන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලේ රෝහලට සිරුර යවා තිබේ.

මරණය සියදිවි නසාගැනීමක් ද නැතිනම් ඝාතනයක් ද පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!