32.9 C
Galle

හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා

Published:

හබරාදූව පිටිදූව ප්‍රදේශයේ නිවසක ජීවත් වූ වයස අවුරුදු 86ක් සහ 81ක් වූ සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව හබරාදූව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙකු වන අතර, ඔවුන් විශාල ඉඩමක පිහිටි නිවසක තනිව ජීවත් වී ඇති බව පොලිසිය සඳහන් කරයි. පොලිසිය පවසන්නේ මොවුන් දෙදෙනා අවිවාහක අය බවයි.

සහෝදරියන් දෙදෙනාගේ මළ සිරුරු නිවස පිටුපස ස්ථාන දෙකක තිබියදී සොයාගෙන තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related articles

spot_img
error: Content is protected !!