31.6 C
Galle

මාස තුනේ බිළිඳිය විකුණා, අම්මයි තාත්තයි කුඩු ගහලා

Published:

මාස 03ක් වයසැති බිළිඳිය විකුණා මත් කුඩු පානය කළ බවට සැකපිට යුවළක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.

කුඩු සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවකගේ බෑගය පරීක්ෂා කිරීමේ දී කුඩා දරුවකුගේ ඇඳුමක් එහි තිබෙනු දැක ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ.

පොලිසිය පවසන්නේ මේ මව සහ පියා තදින් කුඩුවලට ඇබ්බැහි වී සිටින බැවින් දරුවා ඉපදී මාස තුනකට පසු එම බිළිඳිය රුපියල් 700,000.00කට අනුරාධපුරයේ පදිංචි යුවළකට අළෙවි කර ඇති බවයි. එලෙස බිළිඳිය ලබාදීමේ දී නීතිඥයකු ඉදිරිපිට ලේඛනයක් ලියා ඇති බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.

දරුවා අළෙවි කළ මුදලින් රුපියල් 30,000.00ක කුඩු මිල දී ගත් මේ යුවළ ඉතිරි 670,000.00ක මුදල බැංකුවේ තැන්පත් කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!