30 C
Galle

ශ්‍රී මහා බෝධිය අසළ දී අගමැතිට ජනතා විරෝධයක්

Published:

අගමැති මහින්ද රාජපක්ෂ අද (08) අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගන්නට ගිය අවස්ථාවේ දී එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ කියති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව සිකුරාදා (06) වාර්තා විය. පසුව ඊයේ (07) සවස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් අගමැති නිල නිවසට පැමිණ මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්නොවන්න යැයි ඉල්ලීම් කරන දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

අද උදෑසන අගමැතිවරයා අනුරාධපුර පුද බිමට ගොස් තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!