30 C
Galle

අනුරාධපුරයේ දී අගමැති මහින්දට එල්ල වූ හූ හඬ

Published:

අනුරාධපුරයේ අටමස්ථාන අතරින් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මිරිසවැටිය වන්දනා කිරීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂට එහි සිටි ජනතාවගෙන් වි‍රෝධතාවක් එල්ලවිය.

ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට ගොස් ආපසු එමින් සිටි අගමැතිවරයා ඉදිරියට ගිය පුද්ගලයකු යුද්දය ඉවර කරලා වීරයකු වූ ඔබතුමා දැන් ඉතින් ගෞරවනීයව ඉවත්වන්න යැයි කීවේය. තවත් පිරිසක් දැන් ඇති යන්න යැයි කෑ ගැසූ අතර රුවන්වැලි සෑය වන්දනාකර පැමිණෙන අගමැතිවරයාට විරෝධය දක්වමින් පිරිසක් පුවරු ඔසවාගෙන සිටි අතර ඔවුන් අගමැතිවරයාට හූ හඩින් ප්‍රතිචාර දැක්වීය. ඉන් පසු මිරිසවැටිය වන්දනාකර පැමිණෙන විටත් එවැනිම පිරිසක් අගමැතිවරයාට හූ තබනු දක්නට ලැබිණි.

දර්ශන පහතින්

Related articles

spot_img
error: Content is protected !!