28.7 C
Galle

රට ආසන්න භූමිකම්පාවක් ගැන භූ විද්‍යාවෙන් කියයි. ජාත්‍යන්තර දත්තවල භූමිකම්පාවක් නෑ

Published:

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් කිලෝ මීටර 300ක් පමණ ඈත මුහුදේ රිච්ටර් මාපක 4.3ක භූමිකම්පාවක් අද සවස සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූ චලනයේ අපි කේන්ද්‍රය මුහුදු පතුලේ සිට කිලෝ මීටර 21ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් පිහිටි බව ද එම කාර්යාංශය සඳහන් කරයි.

රිච්ටර් මාපකයේ 4.3ක භූමිකම්පාවකින් සුනාමි අවදානමක් නැත.

කෙසේ වෙතත් ලෝකයේ වඩාත් විශ්වාසනීය සහ ඉතාමත් ඉක්මණින් යාවත්කාලීන වන ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ වාර්තාවන් අනුව එවැනි භූමිකම්පාවක් ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සිදුව නැත.

මීට ඉහත දී ද ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේ සිදුවූ භූමිකම්පාවක් පිළිබඳ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළඳ ඇමෙරිකානු භූ පර්යේෂණ ආයතනය එම දත්ත පිළිගෙන තිබුණේ නැත.

Related articles

spot_img
error: Content is protected !!