26.8 C
Galle

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම වැඩිවෙයි

Published:

ලෝකය පුරාම මේ වනවිට ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්ව ඇති ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ද වේගයෙන් පැතිරීම ආරම්භ වී ඇතිි බවට මේ වනවිට සාධක ලැබෙමින් පවතී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ඔමික්‍රෝන් ආසාදිත 41 දෙනකු හඳුනාගත් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමඟ ඉතාලියෙන් දෛනිව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ඇති අතර ඩෙල්ටා ප්‍රභේදය එරට ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්ව තිබිය දී ද දෛනික ආසාදිතයන් ලක්ෂය ඉක්මවූවේ නැත.

Related articles

spot_img
error: Content is protected !!