26.9 C
Galle

සීයාගේ රිවර්ස් කිරීමෙන් 03 හැවිරිදි මුණුපුරා මරුට

Published:

නිවසක නවතා තිබූ කැබ් රථයක් පිටුපසට ගැනීමේ දී එහි පිටුපසට නැග සිටි දරුවකු කැබ් රථයට සහ කෙටි බිත්ති කොටසකට හිරවීමෙන් ඊයේ (02) මියගොස් ඇතැයි පොලිිසය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ, කනංකේ, නිමලව ප්‍ර‍දේශයේ නිවසක වයස අවුරුදු 03ක් වූ පිරිමි දරුවෙකි.

කැබ් රථය පිටුපසට ගෙන ඇත්තේ ඔහුගේ සීයා විසිනි.

අනතුර සම්බන්ධයෙන් සීයා අත්අඩංගුවට ගෙන ඇති අතර අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!