26.9 C
Galle

පෙර පාසල් ගුරුවරියකට ඔමික්‍රෝන්. දරුවන් නිරෝධායනයේ

Published:

පෙර පාසල් ගුරුවරියකට ඔමික්‍රෝන ප්‍රභේදය ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවෙන් එම පෙර පාසල වසා දමා සියලුම දරුවන් සහ පෙර පාසල් පාලිකාව සහ තවත් ගුරුවරියක නිරෝධායනයට යොමුකළ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස වසාදමා ඇත්තේ මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පෙරපාසලකි. එහි දරුවන් 20 දෙනකු අධ්‍යාපනය ලබා ඇත.

එම ගුරුවරියට කොරෝනා ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. ඇයට දින කිහිපයකට පෙර රෝග ලක්ෂණ තිබී ඇති අතර ඒ හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම ජෛව සාම්පල යොදාගනිමින් සිදුකළ ජෛව අනුක්‍රමිකතා පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇයට ආසාදනය වී තිබෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය බවයි.

Related articles

spot_img
error: Content is protected !!