29.4 C
Galle

TikTok වීඩියෝවක් නිසා 17 හැවිරිදි සිසුවකු ඝාතනය කරලා

Published:

TikTok වීඩියෝවක්  සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම් පදිංචි 17 හැවරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (03) දහවල් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ මෙම තරුණයා තවත් මිතුරන් දෙදෙනකු සමඟ මාදම්පිටිය මාර්ගයේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට යමින් පැමිණි පිරිසක් විසින් එම පහරදීම සිදුකර ඇති බවයි.

සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!