31.1 C
Galle

රතු කැකුළු 170ට, නාඩු 180ට නගී

Published:

නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 150.00 ත් 160.00ත් අතර දුමකටත් රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 160.00ත් 170.00ත් අතර මුදලකටත් නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 180.00කටත් අළෙවි වන බව එම ප්‍රදේශවල සිටින මාධ්‍යවේදීන් පවසයි.

වෙළෙඳ සැල් හිමියන් පවසන්නේ තමන් සතුව තිබූ හාල් තොග අවසන් වූ පසු නව සහල් තොග මෙම මුදලට අළෙවි කිරීමට සිදුව ඇති බවයි. මෙලෙස දිනෙන් දින සහල් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ගෙන් බැණුම් ඇසීමට සිදුව ඇත්තේ තමන්ට බවත් ඔවුහු කියති.

Related articles

spot_img
error: Content is protected !!