අද (09) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 1.7ක් ගනුදෙනු වෙමින් දෙවන දිනටත් වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 141ක් වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,142ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1050ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 82ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,316ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මිලියන 141
- එච් එන් බී ෆයිනෑන්ස් මිලියන 77
- ජෝන් කීල්ස් සමාගම මිලියන 77
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- මුලර්ස් සමාගම කොටස් මිලියන 30
- එච් එන් බී ෆයිනෑන්ස් කොටස් මිලියන 10
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- බේරුවල රිසෝට් සමාගම 08%
- ලාෆ්ස් ගෑස් සමාගම 07%
- සිට්‍රස් වස්කඩුව සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 409
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 329
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 09 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 166ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 157ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඩිස්ට්‍රිලරීස් සමාගම රුපියල් මිලියන 05
- පික්මී සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් රුපියල් මිලියන 102
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 37
- ආසිරි සර්ජිකල් සමාගම රුපියල් මිලියන 20
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



