27.6 C
Galle

සුපිරි වෙළඳ සැළකින් භාණ්ඩ සොරාගත් අයෙක් ගෙල කපාගෙන මිය ගිහින්

Published:

මහබාගේ පිහිටි සුපිරි වෙළෙඳ සැළකින් කුඩා දරුවන්ගේ සුවඳ විලවුන් කිහිපයක් රැගෙන මුදල් නොගෙවා ගිය පුද්ගලයකු අල්ලා ගැනීමට යාමේ දී ඔහු තම අත තිබූ පිහියකින් ගෙල කපාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අද (09) උදෑසන 11.00 ට පමණ මෙය සිදුව ඇත.

ඔහු සුපිරි වෙළෙඳ සැළෙන් භාණ්ඩ රැගෙන මුදල් නොගෙවා පලායනු දුටු ත්‍රී රෝද රථ රියදුරකු ඔහු අල්ලාගැනීමට උත්සාහ ගනිද්දී අත තිබූ පිහියකින් ඔහුට තුවලා සිදුකර ඇති බවත් පසුව තවත් පිරිසක් විසින් ඔහු අල්ලාගැනීමට තැත් කිරීමේ දී තමන් විසින්ම ගෙල කපාගෙන ඇති බවත් සාක්ෂිකරුවන් පවසන බව පොලිසිය කියයි.

මෙය සිදුව ඇත්තේ අදාළ සුපිරි වෙළෙඳ සැළේ සිට මීටර 500ක් පමණ දුරකිනි. තුවාලකරු සුවසැරිය ගිලන් රථයකින් රාගම රෝහලට රැගෙන යන විටත් මිය‍ගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙලෙස මියගොස් ඇත්ත් උකුවෙළ, නාගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරදි පුද්ගලයෙකි. ඔහු අල්ලාගැනීමට තැත්කර රාගම පදිංචි දිනුක ලක්ෂාන් පීරිස් නමැති 36 හැවිරිදි අයකු තුවාල ලබා සිටියි.

Related articles

error: Content is protected !!