26.8 C
Galle

සභාපතිවරු දෙදෙනකු ධූරයෙන් ඉවත්කරයි

Published:

බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත්කිරීමට සබරගමුව ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබ‍ේ.

එම සභාපතිවරු විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජය වීම හේතුවෙන් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මෙම තිරනය ගෙන ඇත.

බලන්ගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණි වැවේගෙදර සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ චන්දන කුමාර ජයවර්ධන මහත්වරුන්  ධුරයන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (15) ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරතිබේ.

Related articles

Recent articles

error: Content is protected !!