27.6 C
Galle

බෝලවත්ත පල්ල‍ියේ බිම කණිද්දී අබිරහස් පෙට්ටියක් මතුවෙයි

Published:

හලාවත, බෝලවත්ත පරලෝකරාජේශ්වරී දෙව් මැදුරේ පැරණි දේවස්ථාන බිමේ කරන ලද කැණීමකින් සොහොන් ගැබක් මතුවි ඇතැයි ද එහි ඝනැති ද්‍රව්‍යයකින් නිර්මාණය කර ඇති පෙට්ටියක් හමුවී ඇතැයි ද බෝලවත්ත මීසම පවසයි.

මීසමේ පාලක නෙවිල් සෙබස්තියන් පියතුමන් පවසන්නේ මළ සිරුරු බහාලන මෙම පෙට්ටිය කිසියම් ලෝහ මිශ්‍රණයකින් හෝ පාෂාණ වර්ගයකින් සාදා ඇති බවයි.  

ශ්‍රී ලංකාවේ පළමු ශුද්ධෝත්තමයාණන් ලෙසින් අභිෂේක කරන ලද ජුසේ වාස් පියතුමා පවා මෙම දේවස්ථානයේ සිටි බවත්, ගොන්සාලිස් පියතුමාගේ සිරුර ද මෙහි මිහිදන් කර ඇති බවත් සෙබස්තියන් පියතුමා කීවේය.

එමෙන් ම පසුකාලීන සිටි රදගුරුවරු කිහිප දෙනකුගේ ම සිරුරු මෙහි තැන්පත් කර ඇති බව ද ඉතිහාසයේ සඳහන් වේ. මීසමේ පාලකවරු පවසන්නේ මේ පෙට්ටිය මිහිදන් කර තිබූ ආකාරයත් එම පෙට්ටිය නිමවා ඇති ආකාරයත් සැළකූ විට සියවස් කිහියක් පැරණි විය හැකි බවයි. එමෙන් ම එහි තැන්පත්කර ඇත්තේ ඉතාමත් පූජණීයත්වයට පත් අයකුගේ සිරුරක් යැයි අනුමාන කළ හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

Related articles

spot_img
error: Content is protected !!