29.4 C
Galle

ගාල්ලේ දී සිදුවූ කැති ප්‍රහාරය (CCTV)

Published:

ගාල්ල යක්කලමුල්ලේ පදිංචිකරුවකුට කැත්තකින් කෙටීමට තැත්කිරීම සහ යතුරුපැදියකට අලාභහානි සිදුකළ පුද්ගලයකු අධිකරණ්‍ය මගින් අද (18) ඇපමත මුදාහැර තිබේ.

යක්කලමුල්ලේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට පැමිණි මෙම පුද්ගලයා එහි සිටි අයකුට කැත්තෙන් කෙටීමට තැත්කර එය ව්‍යර්ථ වූ විට ඔහුගේ යතුරුපැදියට කැත්තෙන් පහර දෙමින් අලාභහානි සිදුකර තිබේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති අතර එම ස්ථානයේ සිටි පුද්ගලයන් ඔහු වැළැක්වීමට තැත්කර ඇත. පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙම පහරදීමට අදාල සීසීටීවී දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!