30 C
Galle

චීන – ඇමෙරිකා හමුදා මෙහෙයුමක්. මුහුදට වැටුණු ඇමෙරිකා යානය අත්පත් කරගැනීමට අරගලයක්

Published:

ඇමෙරිකාව සතු අති නවීන තාක්ෂණික ප්‍රහාරක යානයක් චීනයෙන් බේරාගැනීම සඳහා ඇමෙරිකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ දැවැන්ත මෙහෙයුමක නිරතව සිටියි.

F35-C නමැති ප්‍රහාරක ගුවන්යානය පසුගිය දා දකුණු චීණ මුහුදේ ජාත්‍යන්තර කලාප‍යට කඩා වැටී මුහුදේ ගිලී ගියේය. එහි සිටි නියමුවා දිවි බේරාගෙන තිබිණි.

මේ යානය මුහුදෙන් ගොඩගැනීම සඳහා චීන හමුදාව උත්සාහ ගන්නා අතර ඇමෙරිකාවේ නාවික හමුදාව ද චීන හමුදාව විසින් යානය සොයාගැනීමට පෙර එය ගොඩගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එම යානය චීනය සතුවුවහොත් ඇමෙරිකාව විසින් රහසේම වැඩිදියුණු කරන ලද යුද උපකරණ රහස් රැසක් චීන හමුදාවට අනාවරණය කරගත හැකිවනු ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇති මෙම යානය ගුවන්ගත වී ඇත්තේ ඇමෙරිකා යුද නැවක්වන යූඑස්එස් කාර්ල් වින්සන් නෞකාවේ සිට බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර නීතිය අනුව, ජාත්‍යන්තර මුහුදේ අනතුරක් සිදුවීමෙන් පසු එය පළමුවෙන් සොයාගත් රටට එහි හිමිකාරීත්වය ලැබෙයි. දකුණු චීන මුහුදේ ජාත්‍යන්තර කලාපයක් ලෙස සැළකෙන ප්‍රදේශයක් ඇතත් චීනය පවසන්නේ එය සම්පූර්ණයෙන් ම තම රටට අයත් කලාපයක් බවයි. නමුත් ලොව අනෙකුත් රටවල් එය පිළිගන්නේ නැත.

https://www.thedrive.com/the-war-zone/44003/f-35c-accident-aboard-carrier-in-south-china-sea-forces-pilot-to-eject-injures-seven-sailors

Related articles

spot_img
error: Content is protected !!