31.6 C
Galle

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක්, දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසාගනී

Published:

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කළ ශ්‍රී ලාංකිකයකු තම දරු දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇතැයි එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස දරු දෙදෙනා ඝාතනය කර ඇත්තේ 40 හැවිරිදි අයෙකි. ඝාතනයට ලක්ව ඇත්තේ 06 හැවිරිදි පිරිමි දරුවකු සහ 04 හැවිරිදි ගැහැනු ‍දරුවෙකි. සිකුරාදා (28) සවස 6.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇත. දරුවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු පියා නිවසේ ගරාජයේ දී සියදිවි නසාගෙන ඇති බව ද පොලිසිය සඳහන් කර තිබේ.

දරුවන්ගේ මව විසින් මෙම දරු දෙදෙනා වෙනත් ස්ථානයකට රැගෙන යාමට තීරණය කර තිබූ බව ද නමුත් එසේ රැගෙන යාමට පෙර මෙම ඝාතනය සිදුකර ඇතැයි ද අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ පියා මානසික රෝගයකින් පීඩා විඳ ඇති බවට පොලිසිය පවසයි.

https://www.dailymail.co.uk/news/article-10454339/Heartbreaking-details-emerge-brutal-killing-two-children-father.html

Related articles

spot_img
error: Content is protected !!