29.4 C
Galle

පෙම්වතාගේ පිහි ඇනුමෙන්, 15 හැවිරිදි පාසල් දැරිය මියයයි

Published:

පාසල් සිසුවකු විසින් පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටි 15 හැවිරිදි පාසල් සිසුවියක් අද (05) උදෑසන මියගියාය.

මෙලෙස මියගියේ කන්තලේ, අග්බෝපුර, පේරමඩුව පදිංචි දැරියකි. ඇය සිය නිවසේ සිටිය දී පිහි ඇනුමට ලක්වී ඇත.

ඇයට පිහියෙන් ඇන්න බවට සැකකරන 17 හැවිරිදි පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිහි ඇනුම සිදුවන අවස්ථාවේ දැරියගේ මව ද නිවසේ සිට ඇත. පෙම්වතා නිවසේ සැඟවී සිට දැරියට පිහියෙන් ඇන ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබිණි.  

අත්අඩංගුවට ගත් පාසල් සිසුවා කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්  කිරීමෙන් පසු ලබන 09 වැනි දා දක්වා රිමාන්ඩ් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!