27 C
Galle

පාම් ඔයිල් මිල ඉහළ යාමෙන් වැවිළි සමාගම් කොටස්වලට ඉල්ලුම වැඩිවෙයි

Published:

පාර්ම් ඔයිල් මිල මෙතෙක් ලෝකයේ වාර්තා වූ ඉහළම අගයට පත්ව ඇති බැවින්, ඒ අනුව ශ්‍රී ලංකාවේ කටුපොල් වගාකරනු ලබන වැවිලි සමාගම්වලට අධික ලාභයක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අතරින් කාසන් කම්බැක්ට් සමාගම, වටවල වැවිලි සමාගම, නමුණුකුළ වැවිලි සමාගම සහ ඇල්පිටිය වැවිලි සමාගම ප්‍රධාන වෙයි.

අද (07) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 60,109ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,049ක් ලෙස වාර්තා විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 130කින් පහළ ගොස් දිනය අවසානයේ එය ඒකක 12,631ක් ලෙස වාර්තාවිය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හෙල ඇපරල් සමාගම රුපියල් මිලියන 1,029
  • කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 781
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 688

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 52
  • කොමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 20
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 19

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

සිංහ පුත්‍ර ෆිනෑන්ස් 24%

හෙල ඇපරල් 24%

සිංහ පුත්‍ර ෆිනෑන්ස් පී 23%

  • සිංහ පුත්‍ර ෆිනෑන්ස් සමාගම 24%
  • හෙළ ඇපරල් සමාගම 24%
  • සිංහපුත්‍ර ෆිනෑන්ස් සමාගම (P) 23%

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 656
  • එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 547
  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 255

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් 2,625,000 රුපියල් 28.00 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් කොටස් මිලියන 02ක් රුපියල් 157.00 බැගින්

විදේශීය ආයෝජකයන් විසින් අද (07) දිනයේ රුපියල් මිලියන 83ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 540ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදල් රුපියල් මිලියන 457ක් විදේශ ආයෝජකයන් විසින් ඉවත්කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 17
  • මර්චන්ට් බැංකුව රුපියල් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 06
  • හේලීස් සමාගම රුපියල් මිලියන 2.6
  • වින්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 1.9

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් රුපියල් මිලියන 331
  • වැලිබල් ෆිනෑන්ස් රුපියල් මිලියන 87
  • සොෆ්ට් ලොජික් හෝල්ඩින් රුපියල් මිලියන 58
  • සන්ෂයින් හෝලඩින් රුපියල් මිලියන 07
  • සිංහ පුත්‍ර ෆිනෑන්ස් රුපියල් මිලියන 04

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

spot_img
error: Content is protected !!