28.7 C
Galle

ශ්‍රී ලංකා රන් සංචිතයෙන් කොටසක් ජනවාරි මාසයේත් විකුණලා

Published:

ශ්‍රී ලංකාවේ තිබූ රන් සංචිතයෙන් කොටසක් දෙසැම්බර් මාසයේ විකුණා දැමූ ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මාසයේ දී ද තවත් කොටසක් විකුණා දමා ඇතැයි වාර්තා වේ.

දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක් වූ ‍ශ්‍රී ලංකා රන් සංචිතය ජනවා‍රි මාසය දක්වා ඇමෙරිකානු ඩොලර් මිලින 92ක් දක්වා අඩු වී තිබේ.

2021 දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතුව තිබූ රන් සංචිතය ටොන් 3.1කි. මේ වනවිට ශ්‍රී ලංකාව සතුව ඇති රන් සංචිතය ටොන් 1.6ක් දක්වා අඩු වී ඇත. ඒ අනුව තහවුරු වන්නේ ජනවාරි මාසයේ දී රන් ටොන් 1.5ක් මහ බැංකුව විසින් විකුණා දමා ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!