28.7 C
Galle

ලංකා සතොස, සභාපති හෝ ඇමති නොදැන වෙනත් තැනකට යන්න දැන්වීම් දාලා

Published:

සතොස ප්‍රධාන කාර්යාලය වෙනත් තැනකට ගෙන යාම සඳහා තමන් නොදැන ම පුවත්පත් දැන්වීමක් පවා පළකර ඇතැයි ලංකා සතොස සභාපති අද්මිරාල් ආනන්ද පීරිස් පවසයි.

ගොඩනැගිළි අංශය විසින් මෙලෙස දැන්වීම් පළකර ඇති බවත් සතොස සභාපතිවරයා මේ බව විමසීමෙන් පසු ඒ ගැන දැනගත් බවත් අද්මිරාල් පීරිස් කියා සිටියේය.

මේ පිළිබඳ අමාත්‍යවරයා හෝ වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රධානීන් හෝ දැනුම්වත් කර නොමැති බව ද වාර්තා වේ.

වෝක්ෂෝල් වීදියේ පිහිටි, සතොසට අයත් ගොඩනැගිල්ලක ලංකා සතොස ප්‍රධාන කාර්යාලය දැනට පවත්වාගෙන යයි. එම ගොඩනැගිල්ල වෙනුවෙන් ලංකා සතොස විසින් සතොසට මාසයකට ලක්ෂ 38ක මුදලක් කුළී ලෙස ගෙවනු ලැබේ. කෙසේ වෙතත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් මේ වනවිට ලංකා සතොස විසින්, සතොසට ගෙවීම පැහැර හැර තිබේ.

ගොඩනැගිලි අංශය පවසා ඇත්තේ මේ දැන්වීම පළකර ඇත්තේ සතොසට ගෙවනු ලබන මාසික කුළී මුදල අඩුකර ගැනීට බලපෑමක් වශයෙන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!