29.4 C
Galle

වෛද්‍ය ප්‍රතිකාර නොදී, දරුවා මියයනතුරු යාඥා කළ අම්මා රිමාන්ඩ්

Published:

තම දරුවා රෝගී වී මරණාසන්නව සිටිය දී, දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී දෙවියන්ට යාඥා කරමින් සිටි මවක ලබන 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්.මහවත්ත නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ බඩල්ගම, ආඬිමුල්ලේ පදිංචි තුෂංගා මදුවත්ත නමැති කාන්තාවකි. මියගිය 10 හැවිරිදි දරුවාගේ පියා සුමිත් ජානක සහ මිත්තනිය පද්මනාදන් මාලනී යන දෙදෙනා ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

රෝගී වූ දරුවාට වෛද්‍ය ප්‍රතිකාර නොකර නොසැළකිලිමත් ලෙස එම මව කටයුතු කර ඇති බවත්, දරුවා මියයාමෙන් පසුව ද දින දෙකක් පුරා නිවස තුළ සඟවාගෙන යාඥා කර ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!