27 C
Galle

දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාස නිසා දිවි අහිමිවූ දරුවාගේ මරණයට හේතුව අනාවරණය වෙයි

Published:

දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාසයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර නොලබා ම මියගිය දරුවාගේ මරණයට හේතුව උණ සහ සෙම සමඟ කොරෝනා ආසාදනය වීම බව අද (12) සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

බඩල්ගම, ආඬිමුල්ල ප්‍රදේශයේ සිටි 10 හැවිරිදි වියේ පසුවූ මෙම දරුවා මියගොස් සිටිය දී ද නිවසේ තබාගෙන දෙවියන්ට යාඥාකරමින් සිටිය දී පසුගිය 07 වැනි දා සොයා ගැණිනි.

උණ සෑදී තදබල ලෙස අසනීප වූ දරුවා මියගොස් ඇතත් දෙවියන්ට යාඥා කිරීමෙන් යළි පණ ලබනු ඇතැයි සිතා එලෙස දින දෙකක් යාඥා කර තිබූ බව වාර්තා වී ඇත. ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමායාම හේතුවෙන් අසල්වාසීන් විසින් පොලිසියට කරන දැනුම්දීමක් අනුව නිවස පරීක්ෂා කිරීමේ දී මෙම දරුවාගේ මළ සිරුර සොයා ගැණිනි.

බඩල්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!