27.2 C
Galle

“යුද්ධයක් ඇතිවිය හැකියි. වහාම ඉවත්වෙන්න” – ඇමරිකාව තම වැසියන්ට කියයි

Published:

සියලු ඇමෙරිකානුවන්ට පැය 48ක් ඇතුළත යුක්රේනයෙන් ඉවත්වන ලෙස ඇමෙරිකාව විශේෂ නිවෙද්නයක් කර තිබේ.

ඇමෙරිකාව පවසන්නේ රුසියාව ඕනෑම මොහොතක යුක්රේනය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බැවින් එය ගුවන් ප්‍රහාරයකින් ආරම්භ වීමට ඉඩ ඇති බවකි. එබැවින් අසීරු තත්වයන් යටතේ යුක්රේනයෙන් පිටවීම ගැටලුවක් විය හැකි බැවින් ඉදිරි පැය 48ක් ඇතුළත පිටවන ලෙස දැනුම් දී ඇත.

මේ අතර යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්‍රෝන් පීසීආර් පරීක්ෂණකට මුහුණදීම ප්‍රතික්ෂේප කර ඇත. ඔහු එලෙස කර ඇත්ත් එම පරීක්ෂණයේ දී තම ඩීඑන්ඒ සොරාගනු ඇතැයි සැකයක් හේතුවෙන් එලෙස ප්‍රතික්ෂේප කර තිබෙන බව මාධ්‍ය වාර්තා පළ වෙයි.

මේ හේතුවෙන් නායකයන් දෙදෙනා අතර විශාල පරතරයක් සහිතව සාකච්ඡාව පැවැත්වී තිබිණි.

https://www.nbcnews.com/politics/white-house/biden-warns-americans-leave-ukraine-russia-troops-world-war-rcna15781

https://www.aljazeera.com/news/2022/2/11/russia-could-invade-ukraine-within-days-white-house-warns

Related articles

spot_img
error: Content is protected !!