27 C
Galle

හෙද වෘත්තීය සමිතියක් වර්ජනයෙන් ඉවත්වෙයි

Published:

සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කළ වැඩවර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව ඉවත්වන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අද (12) නිවේදනය කළේය.

සෞඛ්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය පසුගිය 10 වැනි දා ලබාදුන් නියෝගය අනුව මෙලෙස වැඩ වර්ජනයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඔහු පවසයි.

රෝගී සත්කාරක සේවා අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කරමින් ඊයේ (11) ගැසට් නිවේදනයක් ද නිකුත්කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!