28.3 C
Galle

කාන්තාවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැදගත් පණිවිඩයක්

Published:

ගැබිනි කාන්තාවන් සඳහා බූස්ටර් එන්නත ලබාදෙන බවත්, එන්නත්කරණය සම්පූර්ණ කරගැනීමෙන් මවට සහ දරුවාට සංකූලතා ඇති නොවන බවත් කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසයි.

මාධ්‍ය හමුවක දී වෛද්‍ය ජයවර්ධන මේ බව කියා සිටියේය.

“ගැබිනි කාන්තාවන්ට මේ එන්නත් නිර්දේශ කර තිබෙනවා. බූස්ටර් එන්නත ගැබිනියන් විසින් ලබාගැනීම ඉතාමත් වැදගත්. එන්නත් කරණය සම්පූර්ණ කළ විට මවට කොවිඩ් ආසාදනය වුණත් ඇයට වගේම දරුවාටත් ආරක්ෂාවක් ලැබෙනවා. සංකූලතා ඇතිවන්නේ නැහැ. මේ එන්නත් ගැනීමට අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ. ඒ නිසා සියලුම ගැබිනි කාන්තාවන් තමන්ගේ එන්නත්කරණය සම්පූර්ණ කරගැනීම සඳහා බූස්ටර් එන්නතත් ලබාගැනීමට උනන්දු විය යුතුයි.”

Related articles

spot_img
error: Content is protected !!