28.4 C
Galle

ස්වෛරී බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 111ක් ලැබෙයි

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විකිණීමෙන්, ඩොලර් මිලියන 111.5ක මුදලක්, උපයා ගැනීමට සමත්වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු 34,860ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම 3,716ක් වාර්තා කළ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 12කින් පහළ ගොස් දිනය අවසානයේ එය ඒකක 12,352ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 775
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 703
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 271

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 25
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 19
  • කොමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් (X) සමාගම 20%
  • බ්ලූ ඩයමන්ඩ් සමාගම 11%
  • උඩුපුස්සැල්ලාව වැවිළි සමාග 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වීම

  • රේණුක සිටි හොටෙල් සමාගම කොටස් 2,135,000ක් රුපියල් 93.00 බැගින්

දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 624
  • එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 550
  • කොමර්ෂල් ලීසිං රුපියල් බිලියන 316

විදේශීය ආයෝජකයන් විසින් අද (17) දිනයේ රුපියල් මිලියන 22ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 38ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කර තිබූ මුදලින් රුපියල් මිලියන 25ක් විදේශ ආයෝජකයන් ඉවත් කරගෙන තිබිණි.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 10
  • මුලර්ස් සමාගම රුපියල් මිලියන 1.8
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 1.5
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලින 1.1
  • හේමාස් සමාගම රුපියල් මිලියන 1.1

විදේශීය ආයෝජකයන් විසින් කෙටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 8
  • සණස බැංකුව රුපියල් මිලියන 5.4
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 5.4
  • කොමර්ෂල් බැංකුව (X) රුපියල් මිලියන 2.7
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 2.3

සම්පත් බැංකුව රුපියල් 4.25ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබිණි.

Related articles

error: Content is protected !!