31.6 C
Galle

දරුවකු මහඇළේ ගසාගෙන යයි. ගොඩගනිද්දී මිය ගිහින්

Published:

නිකවැරටිය නගරයෙන් දිවෙන මහඇළේ ගසාගෙන ගිය දරුවකු මියගොස් ඇතැයි නිකවැරටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නිකවැරටිය බුදුමුත්තාවේ පදිංචි ජලීල් හයිෂාන් නමැති වයස අවුරුදු දෙකයි මාස අටක් වයසැති දරුවෙකි.

දරුවා ඇළේ ගසාගෙන යද්දී පහළින් සිටි පිරිසක් ඔහු දැක ගොඩට ගෙන රෝහල්ගත කළ ද රෝහලට ගෙන යනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.

පියා නගරයේ ව්‍යාපාරික ස්ථානයක සේවය සඳහා ගොස් සිටිය දී ඇළට ගොස් රෙදි සෝදාගෙන ආ මව දරුවා පෙනෙන්නට නැති විට කෑ ගසද්දී ඒ නිවසට පහළින් සිටි අයකු ශබ්දය ඇසී ඇළ දෙස බලද්දී දරුවා ගසාගෙන යනු දැක ගොඩට ගෙන ඇති බව පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!