26.9 C
Galle

ගාල්ලේ හර්තාලයට මහ පිරිසක් එක්වෙති

Published:

ගාල්ල නගරයේ පැවැත්වෙන හර්තාලයට අද (06) විවිධ පාර්ශව රැසක් එක්ව සිටිති. ගාල්ලේ නීතිඥයන් කොටුව උසාවි සංකීර්ණය අසළ සිට පා ගමනකින් ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව ඉදිරිපිටට පැමිණි අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද එම ස්ථානයට එක්ව සිටිති.

රාජ්‍ය ආයතන රැසක සේවක සේවිකාවෝ ද මෙම විරෝධතාවට එක්ව සිටි අතර බැංකු සේවක සේවිකාවෝ ද එක්ව සිටීම විශේෂත්වයකි. ගාල්ල නගරයේ වෙළෙඳ සැල් බොහොමයක් වසා දමා තිබූ අතර ඒවායේ කළු කොඩි ඔසවා විරෝධතාව ප්‍රකාශ කර තිබෙන ආකාරය ද දක්නට ලැබිණි.

Related articles

spot_img
error: Content is protected !!