26.8 C
Galle

අකුරැස්ස ගොඩපිටියේ බෝම්බ සිද්ධියේ සැකකරුවෙක්, වෙනත් වරදකට ජීවිතාන්තය දක්වා සිපිරිගෙට යයි

Published:

අකුරැස්ස ගොඩපිටියේ බෝම්බය පිපිරවීමේ සිද්ධිය ඇතුළු කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධ සැකකරුවකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමිකරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර ඇත.

මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ තංගවේලු නිමලන් නමැති අයකුටය. ඔහු එවකට එල්ටීටීඊ සංවිධානයේ හිටපු බුද්ධි අංශ නායකයකු ලෙස සැළකෙන මුත්තප්පන් යටතේ කටයුතු කළ අයකු යැයි ද පැවසේ.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02ක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුට මෙම දඬුවම නියමකර ඇති අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී ඝාතනය කිරීමට තැත්කිරීමේ උත්සායන් දෙකක්,  විශේෂ කාර්ය බලකායේ ට්‍රක් රථයකට රත්මලානේ දී ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ අකුරැස්ස ගොඩපිටිය බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව නඩු විභාග වෙමින් පවතී.

Related articles

spot_img
error: Content is protected !!