28.7 C
Galle

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සුඛෝපභෝගී සංචාරක නැව් සේවාවක්

Published:

ඉන්දියාවේ Cordelia සංචාකර නැව් සමාගම ශ්‍රී ලංකාව දක්වා නැව් සේවාවක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු පවසයි.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාව අතර සංචාරකයන් රැගෙන යන පළමු නැව් සේවාව මෙය බව ද ඇය කියා සිටියාය.

Cordelia Cruises චෙන්නායි සිට සිය පළමු සංචාරය ආරම්භ කිරීමට නියමිතය. මෙම නෞකාවේ පැමිණෙන සංචාරකයන්ට සංචාරක ගමන් දෙකක් තෝරාගැනීමට හැකියාව පවති. එක් සංචාරයක දී ඉන්දියාවේ සිට මාලදිවයින දක්වා ගොස්, මාලදිවයිනේ සිට කොළඹ වරායට පැමිණ යළි ඉන්දියාවට යාමට හැකියාව තිබේ. අනෙක් සංචාරයේ දී ඉන්දියාවේ සිට කෙලින්ම කොළඹ වරායට පැමිණ, එතැනින් හම්බන්තොට වරායට ගොස් නැවත ඉන්දියාවට යාමට හැකියාව ඇත.

https://www.cordeliacruises.com/cruise-destinations/cruise-to-colombo

Related articles

spot_img
error: Content is protected !!