30 C
Galle

ගාල්ල නගරයේ ජෙනරේටරයක් ගිනිගෙන, වෙළෙඳ සැල් දෙකකට හානි

Published:

ගාල්ල ප්‍රධාන බස්නැවතුම් පොළ අසළ “සේලක” ගොඩනැගිල්ලේ ජංගම දුරකථන අළෙවි සැළක ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනක යන්ත්‍රයකට ගිනි ඇවිලීමෙන් එම වෙළෙඳ සැළට සහ යාබද තවත් වෙළෙඳ සැළකට හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අද (07) පෙරවරුවේ විදුලිය විසන්ධිකර තිබූ අවස්ථාවක මෙම ජෙනරේටරය ක්‍රියාත්මක කර තිබී ඇත. එහි යම් දෝෂයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි පොලිසිය කියයි. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇත.

Related articles

spot_img
error: Content is protected !!