26.8 C
Galle

නැවතත් ගෑස් පෝළිම්. මිල දී ගැනීමට ඩොලර් නැතැයි සමාගම කියයි

Published:

ගෑස් තොග අවසන් වී ඇති බැවින් රට පුරා ගෑස් හිගයක් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

පසුගිය අඟහරුවාදා ගෑස් මෙට්‍රික් ටොන්න 3,600ක සඳහා මුදල් ගෙවා ලබාගෙන ඇති අතර එම තොග මේ වනවිට අවසන් වී තිබේ.

ලිට්‍රෝ සමාගම පවසන්නේ නැවත සතියක පමණ කාලයක් දක්වා යළි ගෑස් මිල දී ගැනීමට ඩොලර් නොමැති බවයි. රට ආසන්නයට ගෑස් තොග රැගත් නෞකා දෙකක් පැමිණ ඇතත් ඩොලර් හිඟය හේතුවෙන් මුදල් ගෙවීමට නොහැකිව ඇති බව ද එම සමාගම පවසයි.

මේ වනවිට රටපුරා ගෑස් පෝළිම් යළි ආරම්භ වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!