29.4 C
Galle

ශ්‍රී ලාංකීය මාධ්‍යවේදිනියක් සහ ඇගේ පුතා ඕස්ට්‍රේලියාවේ දී මරුට

Published:

ශ්‍රී ලාංකීය මාධ්‍යවේදිනියක් සහ ඇගේ පුත්‍රාය ඕස්ට්‍රේලියාවේ දී ගංවතුරට හසුවීමෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඕස‍්ට්‍රේලියාවේ දෙමළ මාධ්‍ය ගුවන්විදුලි සේවාවක නිවේදිකාවක ලෙස සේවය කළ හේමලතා ‍සෝල්හියර් නමැති 67 හැවිරිදි කාන්තාවක් සහ ප්‍රමෝත් නමින් හඳුනාගෙන ඇති 34 හැවිරිදි පුත්‍රයාය.

ඔවුන් ගමන්ගත් මෝටර් රථය ඇළ මාර්ගයක තිබී සොයාගෙන ඇති අතර පසුව කරන ලද සෝදිසිකිරීම්වල දී ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිවී තිබේ. එම සිරුරු හමුවී ඇත්තේ මෝටර් රථය සොයාගත් ස්ථානයේ සිට කිලෝ මීටරයක පමණ දුරකිනි.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසන්නේ ගංවතුර හේතුවෙන් අනතුරුදායක මාර්ගවලින් ඉවත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් 170කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබිය දී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

https://www.sbs.com.au/language/english/audio/two-bodies-found-in-western-sydney-floodwater-likely-missing-mother-and-son-police-say

https://www.aljazeera.com/gallery/2022/3/2/photos-thousands-evacuate-in-worst-australian-floods-in-a-decade

Related articles

spot_img
error: Content is protected !!