29.4 C
Galle

මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ පැහැරගැනීම් දෙකක් වාර්තා වෙයි

Published:

මිනිස් ඝාතන සිදුකර රන් භාණ්ඩ සහ මුදල් ක‍ොල්ලකෑමේ සිදුවීම් දෙකක් පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මාළඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු නිවසේ සිටි කාන්තාවක් ගැටගසා ඇගේ සැමියා ඝාතනය කර රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් ඇත. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 80 වැනි වියේ පසු වූ පුද්ගලයෙකි.

ඊයේ (16) සීදූව මුකලන්ගමුව ප්‍රදේශයේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර එම නිවසේ තිබූ රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන ගොස් ඇත.

මෙම ඝාතන දෙක සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!