26.8 C
Galle

පට්ටිපොළ දී දුම්රියෙන් වැටුණු විදේශිකයා මියයයි

Published:

බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියෙන් ඇද වැටුණු විදේශිකයකු ඊයේ (16) කොළඹ පුද්ගලික රෝහලක දී මියගියේය.

මෙලෙස මියගොස් ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමීඩ් නමැති 32 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙකි.

ඔහු පට්ටිපොළ දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියෙන් ඇදවැටුණු අවස්ථාවේ දී නුවරඑළිය රෝහලට ඇතුළත් කෙරිණි. බරපතල තුවාල ලබා සිටි ඔහු එම රෝහලෙන් ඉවත්කරගෙන කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට ඔහුගේ මිතුරන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

පට්ටිපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!