30.5 C
Galle

අහංගම රිය අනතුරකින් රුසියන් කාන්තාවක් මියයයි

Published:

අහංගම නගරයේ අද (20) සවස සිදුවූ රිය අනතුරකින් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි අහංගම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තතේ කික්ටෙවා ඉනා නමැති 38 හැවිරිදි කාන්තාවක් ලෙස හඳුනාගෙන ඇත.

මාතර දෙස සිට ගාල්ල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ඇය තමන්ට ඉදිරියෙන් ගිය වැලි ලොරියක් එයට වම් පැත්තෙන් ඉස්සර කිරීමට යාමේ දී නවතා තිබූ ත්‍රී රෝද රථයක ගැටීමෙන් ඇදවැටී ලොරියට යටවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

Related articles

spot_img
error: Content is protected !!