26.8 C
Galle

ලිට්‍රෝ ගෑස් තොග අවසන්, නැවකට ඩොලර් ගෙවනතුරු ගෑස් නෑ

Published:

සිය සමාගම සතුව ඇති ගෑස් තොග අද (21) දින අවසන්වන බවත් ගෑස් රැගෙන පැමිණ ඇති නැවට අද මුදල් ගෙවීමට නොහැකි වුවහොත් රට තුළ යළි ගෑස් හිඟයක් ඇතිවන බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 20ක් සාමාන්‍යයෙන් මාසයකට අවශ්‍ය වුවත් මාර්තු මාසයේ මේ දක්වා ලැබී ඇත්තේ ගෑස් සිලින්ඩර ලක්ෂ 04ක් පඹණ බවත් එම සමාගමේ ප්‍රකාශකයකු කීවේය.

සාමාන්‍යයෙන් දින 03කට වරක් ගෑස් සිලින්ඩර රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන අතර මාසයකට පැමිණෙන ‍ගෑස් සහිත නෞකා සංඛ්‍යාව 10කි. එසේ වුව ද රටේ ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් දින තුනකට වරක් එවැනි නැවකට ගෙවීම් කිරීමට ප්‍රමාණවත් ඩොලර් සමාගමට ලැබෙන්නේ නැත.

Related articles

spot_img
error: Content is protected !!